පකිස්තානයේ බලෝකිස්තානයේ කෙච් හි ඩැෂ්ට් ප්‍රදේශයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලැබීය.
වාර්තා වලට අනුව, පිපිරීම ටර්බට් සහ ග්වාදාර් අතර පිහිටි Zarren Bugh අසල හමුදා වාහනයක් ඉලක්ක කර සිදුව තිබේ.
පිපිරීම සිදුවන අවස්ථාවේ හමුදාව දඩයම් ගවේෂණ සඳහා කලාපයට පැමිණෙන අරාබි ජාතිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බව වාර්තා වේ.
පකිස්තාන හමුදාව ඉලක්ක කර ඉකුත් දෙසැම්බර් 20 වනදා ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එවර ඉලක්කය වී තිබුණේ Kech හි Kolwah ප්‍රදේශයේ කටාර් ජාතිකයන් පිරිවරාගෙන සිටි පකිස්ථාන ආරක්ෂක හමුදා කණ්ඩායමක්.
එම ප්‍රහාරයේ වගකීම Balochistan Liberation Front (BLF) විසින් භාර ගන්නා ලදී.