Sunday, May 5, 2024

General line - 0115112241

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක්




 

නිරිතදිග ලන්ඩනයේ උමං දුම්රියක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව විදෙස්  වාර්තා පවසනවා. ලන්ඩන් පොලිසිය පවසන්නේ තවත් තුවාලකරුවන් සිටිය හැකි බවයි.

මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවත් එරට පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් පිපිරීමත් සමඟ ඇතිවූ අනතුරු ඇඟවීමේ සංඥා හේතුවෙන් දුම්රිය තුළ සිටි මගීන් හා පාර්සන්ස් ග්‍රීන් දුම්රිය ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

සුපිරි වෙළෙඳසල් බෑගයක බහා තිබූ සුදු පැහැති බඳුනක් වැනි යමක් මෙලෙස පිපිරීමට ලක්ව තිබූ බවයි ලන්ඩන් පොලිසිය පවසා ඇත්තේ.

පිපිරීමෙන් උමං දුම්රිය මැදිරියකට හෝ හානි සිදුවී නොමැති බව එරට වාර්තා සඳහන් කරනවා.

නිරිතදිග ලන්ඩනයේ උමං දුම්රියක සිදුවූ පිපිරීමේ ඡායාරූප පහතින් නරඹන්න.