Saturday, December 28, 2024

General line - 0115112241

පක්ෂය සමග එකතු කටයුතු නොකරන්නේ නම් මධ්‍යම කාරක සභාව තීරණයක් ගනී




පක්ෂය තුළ සමගිව සිටීමට ඇතැම් පාර්ශව කටයුතු නොකරන්නේනම් ඔවුන්ට එරෙහිව මධ්‍යම කාරක සභාව තීරණයක් ගනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයෙන් ඉවත් වීමට අවශ්‍ය පිරිස් සිටිනවානම් ඔවුන්ට ඉවත් වීමට හැකියාව ඇති බවයි.

පක්ෂය සමග එකතු කටයුතු කිරිමේ හැකයාව ද පවතින බවයි ඔහු කියා සිටියේ.

දික්ඕවිට වරායේ  පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියා.