Saturday, December 28, 2024

General line - 0115112241

2030 දී මසුන්ට වඩා ප්ලාස්ටික් මුහුදේ




2030 වසර වන විට සාගරයේ ජීවත්වන මත්සයන්ට වඩා සාගරයට බැහැර කරන ප්ලාස්ටික්වල බර වැඩිවන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇති බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් අනාගතයේදී එය මිනිසාට තීරණාත්මකව බලපාන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අදට (15) යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ පැවති වැඩසටහනට එක් වෙමින් පාඨලී චම්පික අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එමෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් අධික වර්ෂාව, අධික උණුසුම හා සාගර ජලය ගොඩ බිමට කහවැදීම වැනි ගැටළුවලට ලෝකය මුහුණ දෙමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සියා සිටියා.