Thursday, May 2, 2024

General line - 0115112241

SAITM ගැටළුවට විසඳුම් දෙන ජනාධිපති කමිටු වාර්තාව මෙන්න!




සයිටම් ආයතනය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලූ නිරාකරණය කරගැනීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කමිටු වාර්තාව නිකුත් කර තිබෙනවා. මෙම වාර්තාව සකස් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප‍්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් විසින්.

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඞී.සී. දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, නීතිපති ජයන්ත ජයසූරිය සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා ද මෙම කමිටුවට ඇතුළත්. කමිටුවේ සාමාජිකයන් මෙම මස පළමු සතියේදී සයිටම් අර්බුදය පිළිබඳව විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා සිදුකළා.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ කිහිපයක පීඨාධිපතිවරු සමග ද ඔවුන් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සයිටම් ආයතනයේ කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාලයන්හි දෙමාපිය සංගමය සමග ද මෙම කමිටුව සාකච්ඡා පැවැත්වූවා. කෙසේවෙතත් ඉකුත් 8 සහ 9 යන දෙදින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අදාළ කමිටුව සාකච්ඡාවක් ලබාදුන්නද ඔවුන් ඊට සහභාගි වී නැහැ.

නිකුත් කළ මෙම වාර්තාව මගින් සයිටම් ගැටලූවට විසඳුම් මාලාවක් ද හඳුන්වා දී තිබෙනවා.