Tuesday, April 16, 2024

General line - 0115112241

රිපබ්ලිකන් අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට




අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප් තේරිපත් වූණා. ඒ, රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ පැවති අභ්‍යන්තර ඡන්ද විමසීමේදීයි.

එහිදී ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලබාගත යුතුව තිබූ ඡන්ද සංඛ්‍යාව 1,237 ක්. ඔහු එම සංඛ්‍යාව අභිබවා යමින් ඡන්ද 1,725 ක් ලබාගත්තා.

මේ අතර ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ බිරිඳ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී කළ කතාව පිළිබඳ විවිධ වාදවිවාද ඇති වී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඇය 2008 වසරේදී මිෂෙල් ඔබාමා ඩිමොක්ට්‍රොටික් පක්ෂ සම්මේලනයේදී කළ කතාව ව්‍යාජ ලෙස අනුකරණය කළ බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමයි.