Saturday, January 4, 2025

General line - 0115112241

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක අනුමැතිය!




පාර්ලිමේන්තුවේදී ඉකුත් අඟහරුවාදා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක කරු ජයසූරිය ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා. කිසියම් කෙටුම්පතක් බලාත්මක වන්නේ කථානායකවරයා මෙලෙස අත්සන් තැබීමත් සමගයි. 
පළාත් සභා ඡුන්ද විමසීම් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ තුනෙන් දෙකකට වැඩි බහුතරයකින්. පළාත් සභා ඡන්ද විමසීම සමානුපාත හා කොට්ඨාශ මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමට එමගින් විධිවිධාන සැලසෙනු ඇති.

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවා කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. ජනවාරි මාසය නිමාවීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහ මාර්තු මාසය නිමාවීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පාර්ලිමේන්තුවට පොරොන්දු වී ඇති බවයි කථානායකවරයා එහිදී සිහිපත් කර ඇත්තේ.  

ඊට අනුව අදාළ මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස කතානායකවරයා අමාත්‍යවරයාට සහ මැතිවරණ කොමිෂන් සභාවේ හා සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.