නීති විරෝධීව අනුමැතියකින් තොරව අධි සුඛෝපභෝගී වාහන 30ක් ආනයනය කිරීමට අනුමැතිය දීමේ සිද්ධියක් මත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙනවා.
මෙම නිලධාරීන් දෙදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදී නීති වීරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දී ඇති බව අනාවරණය වී ඇතැයි ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිද්ධිය පැමිණිලි කිරීමටත් පියවර ගෙන ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.