Friday, May 3, 2024

General line - 0115112241

බොරැල්ලේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්




බොරැල්ල - සීවලී පටුමගේ පිහිටි මහල් 3ක ගොඩනැගිල්ලක බිමි මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. 

පොලිසිය පැවසුවේ අද (23) පෙරවරු 9.00ට පමණ ඇතිවූ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි. 

කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ විදුලිබල මණ්ඩලයද ගින්න මැඩපැවැත්වීමට සහය දක්වා තිබෙනවා. 

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. ගින්නෙන් සිදුවූ දේපොළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.