Saturday, May 4, 2024

General line - 0115112241

පොලිස් සිරමැදිරිය හාරාගෙන සැකකරුවෙක් පනී




අත්අඩංගුවට ගනු ලැබ සිටි සැකකරුවෙකු ඊයේ (22) රාත්‍රියේ පොලිස් සිරමැදිරියේ බිත්තියේ කුහරයක් හාරා පැනගොස් තිබෙනවා. 

මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

බුලත්සිංහල පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවකු ඊයේ රාත්‍රි (22)  7.30 ත් 8.00ත් අතර කාලය තුළ සිර මැදිරියේ වැසිකිලිය ආසන්නයෙන් බිත්තිය කඩා කුහරයක් සාදාගෙන මෙලෙස පලාගොස් තිබුණා.

සැකකරු මතුගම පොලිසියේ නීති බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බුලත්සිංහල පොලිසියට බාරදී තිබුණා.

සැකකරු බැලීමට ඊයේ රාත්‍රියේ ඔහුගේ ඥාතින් පැමිණි අවස්ථාවේදී සැකකරු එහි නොසිටි අතර එහිදී සිද්ධිය අනාවරණය වී තිබෙනවා.

මෙලෙස පැණ ගොස් තිබූ සැකකරු අද පෙරවරුවේ යළි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වයස අවුරුදු 29 ක් වනවා. අද දිනයේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.