Saturday, May 4, 2024

General line - 0115112241

පොල් ගෙඩිය 100 විකුණන්න බැහැ! පාලන මිලක්! වැඩි මිලට වික්කොත් දඩ!




පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට යෝජනාවී තිඛෙනවා. පොල් සංවර්ධන මණ්ඩලය පැවසුවේ දැන් පවතින තත්ත්වයන්  යටතේ සිල්ලර වෙළෙඳපොලේදී පොල් ගෙඩියක් රුපියල් 75කට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාව තිඛෙන බවයි.

රුපියල් 100 ඉක්මවූ මිලකටද පොල් අලෙවි වන බවට ඉකුත් දිනවල පලවූ වාර්තා කරුණු වරදවා දැක්වීමක් බවයි පොල් සංවර්ධන මණ්ඩලය සභාපති කපිල යකන්දාවල එහිදී පැවසුවේ. වැඩිමිලට පොල් අලෙවි කරන්නන්නන්ට එරෙහිව දඩ නියම කිරීමට ද සළකා බලමින් සිටින බව  සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රදේශයේ පොල් අලෙවි වන්නේ කුමන මිලකටද? එම තොරතුරු නෙත් නිව්ස් වෙත දැනුම්දෙන්න.  077 902 18 24 අංකයට වයිබර් කරන්න.