Saturday, May 4, 2024

General line - 0115112241

බරවා රෝගය නැවත හිස එසවීමේ ලකුණු




ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බව පැවසුවද  එම රෝගීන් තවමත් ඇතැම් ප්‍රදේශවලින් හමුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඉකුත්දා කළ රුධිර පරීක්ෂාවන්හිදී වැලිගම ප්‍රදේශයෙන් ද එලෙස බරවා රෝගීන් හමුවූ බවයි ඔවුන් කියා සිටියේ.

එහිදී රෝගීන් 14 දෙනෙකු හමුවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙවැනි රෝගීන් දිවයිනේ වෙනත් ස්ථානවල ද සිටිය හැකි බවයි ඔහු කියා සිටියේ.

බරවා රෝගය නැවත වරක් මෙලෙස හිස එසවීමට හේතු වූ කරුණු පිළිබව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

රෝගය තුරන් කිරිමට නම් රෝගය පැතිර ඇති බවට සැක කෙරෙන ප්‍රදේශවල රාත්‍රි කාලයේ රුධිර පරික්ෂා කළ යුතු බවයි.

එමෙන්ම එම ප්‍රදේශවලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පත්කළ යුතු බවයි ඔහු තවදුරටත් කියා සියියේ.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් මේ වනවිට සිටින්නේ 50 දෙනකු පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මීට පෙර එවැනි නිලධාරීන් 1500කට වැඩි පිරිසක් රට පුරා සේවයේ යෙදී සිටි බවයි ජයන්ත රණතුංග පැවසුවේ.

බරවා යනු මදුරුවන් මගින් බෝවන තවත් රෝගයක් බව ද මෙහිදී සිහිපත් කෙරුණා.