Saturday, May 4, 2024

General line - 0115112241

දැන් ජනපති සමග අමෙරිකාවේ සිටින 'රන්ජන්ට එරෙහිව' අද අගවිනිසුරුට දුන් ලියවිල්ල




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය අද (23) ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයා වෙත ලියවිල්ලක් ද භාරදී  ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා  කියා සිටියේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අමෙරිකාවේ සංචාරයක නිරත වී සිටිනවා. එහිදී ලබාගත් ඡායාරූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ මේ ආකාරයෙන්.