Friday, May 3, 2024

General line - 0115112241

සමාව ගත යුත්තේ ජවිපෙ නොවෙයි වෙනත් පිරිසක්




පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවන්ට ජනතා විමුක්ති පෙරමුණ අද (23)  ප්‍රතිචාර දැක්වූවා.

ඒ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළේ නම් මෙම කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට නොහැකි වන බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා.

මෙම කෙටුම්පත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය උල්ලංගනය කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ කර ඇත්තේ මහාපාවාදීමක් බව ද ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ රටෙන්ම සමාව ගත යුතු බව ද ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නෙත් නිවුස් වෙත ප්‍රතිචාර දැක්වූවා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස.

ඔහු කියා සිටියේ ජනතාව ප්‍රතික්ෂේප කල විකෘති මනාප ක්‍රමයක් රටේ පවතින  බවයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂ පාලනයට පමණක් සම්මත කරගෙන තිබු ඡන්ද ක්‍රමය වෙනස් කිරිමට හැකියාව ලැබි ඇති බවයි ඔහු කියා සිටියේ.

නමුත් මනාප ක්‍රමයට වඩා යහපත් ඡන්ද ක්‍රමයක් බැවින් ඊට තමන් සහාය ලබාදුන් බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේ.

ජනතාවගෙන් සමාව ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ නොව, වෙනත් පිරිස් බව ද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

පාර්ලිමේන්තුවේදී ඉකුත් අහරුවාදා (19) සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22)  පස්වරුවේ අත්සන් තැබුවා.

පළාත් සභා ඡන්ද විමසීම සමානුපාත හා කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට එමගින් විධිවිධාන සැලසෙනවා.