Saturday, May 4, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන වෙනුවෙනුත් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්




ලබන 26 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණ වූ බවයි වාර්තා වන්නේ.

එදින පස්වරු 1.30 ට රැස්වන පාර්ලිමේන්තුව පස්වරු 7.30 ට අවසන් වනු ඇති.

එදින පළාත් පාලන ආයතන විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එය සම්මත කර ගැනීමට  ද නියමිතයි.

ලබන මස 03වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළබඳ කාරක සභා රැස්වීමේදි තීරණය කර තිබෙනවා.

, ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව ආරම්භ වී  වසර 70ක් ගතවීම නිමිත්තෙන්.

ඒ අනුව, ඔක්තෝම්බර් 03වනදා පස්වරු දෙකයි තිහේ සිට පස්වරු හතරයි තිහ දක්වා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මිට අමතරව සැප්තැම්බර් මස 28වනදා සහ ඔක්තෝම්බර් මස 09වනදා පස්වරු එකේ සිට පස්වරු හතයි 30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බවටත් ඊයේ (22) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.