Saturday, May 4, 2024

General line - 0115112241

විදුලිසැර වැදීමෙන් අයෙක් මරුට

ජුඩ් සමන්ත - පුත්තලම




යකඩ කෙක්කකින් දෙල් කැඩීමට උත්සාහ කළ පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා. 

අද (23) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි වෙන්නප්පුව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා ගෙවත්තේ පිහිටි ගසක දෙල් කැඩීමට උත්සාහ කර ඇති අතර එහිදී කෙක්ක ඔහුගේ නිවස ඉදිරිපිට ඇති අධි බලැති විදුලිය රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව - වයික්කාල පදිංචි ඇන්ටනි එළියස් නමැති 53 හැවිරිදි අයෙක්.

විදුලිසැර වැදීමෙන් අසාධ්‍ය තත්වයට පත්වු මෙම පුද්ගලයා මීගමුව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.