Tuesday, May 21, 2024

General line - 0115112241

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට සුරාබදු නියාමක 28 දක්වා රිමාන්ඩ්




අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු අලූත්ගම සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සුරාබදු නියාමකවරයෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින්.

බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදු කරන නීති විරෝධි ගංජා ව්‍යාපාරයක් සම්බන්ධව නීති ම`ගින් කටයුතු නොකර සිටීම සහා සැකකරු රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා තිබෙනවා.

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පැවසුවේ එම අල්ලස් මුදලින් රුපියල් විසිදහසක් සැකකාර සුරාබදු නියාමකවරයා මීට පෙර ලබාගෙන ඇති බවයි.

ඉතිරි රුපියල් තිස් දහස ලබා ගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් සහන් කළා.