Saturday, May 18, 2024

General line - 0115112241

දරුණු අපරාධකරුවෙක් පළා යයි




දුම්බර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවූවෙකු සොයා විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ බරපතල ගණයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 20කට වැඩි සිර දඬුවම් ලබා සිටි අයෙක්. 

ඊයේ පෙරවරුවේ දෛනික ගණන් ගැනීම සඳහා රැඳවූවන් වාට්ටුවලින් ඉවතට ගෙන පසුව ඔවුන්ට උදෑසන ආහාරය ලබා දී තිබෙනවා.

ඒ අතරවාරයේදීයි අදාළ රැඳවූවා බන්ධනාගාරයෙන් පළා ගොස් ඇත්තේ.

ලී වල ආධාරයෙන් තාප්පයට නැග මෙම රැඳවුවා මෙලෙස පළා ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. පළා යන රැඳවූවා නතර කරගැනීම සඳහා ආරක්ෂක අට්ටාලයේ සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇතැයි ද සඳහන්.

එහෙත් ඔවුන්ගේ එක් අයෙකුගේ ගිනි අවිය ක‍්‍රියාත්මකවී ද නැති බව බන්ධනාගාර ආරංචි පැවසුවා.