වී වගාවට හානි කරන හඳුනා නොගත් පණුවන් විශේෂය මර්දනය කිරීම සඳහා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
මේ වන විට එම හඳුනා නොගත් පණුවන් විශේෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර, ඔයාමඩුව, විලච්චිය ඇතුළු ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.
ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර කෘෂි නිලධාරීන් අදාළ ප්‍රදේශවලට ගොස් මේ වන විටත් ඒ පිළිබඳ සොයා බලමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වුණා.