උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයේ අද පැවැත්වීමට නියමිතව තිබූ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබා දීම අත්හිටුවා තිබෙනවා.
ඒ, එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ කලින් පිටවීම හේතුවෙන්.
ඒ අනුව කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයකට අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නතර කර තිබෙනවා.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.