Sunday, May 5, 2024

General line - 0115112241

 සහල් ලොකු ලූණු  සහ අර්තාපල්  'අද සිට අඩුවට දෙන' තැන මෙන්න 




සතොස මගින් අළෙවි කරන සහල්, ලොකු ලූණු සහ අර්තාපල් දැනට පවතින මිලට වඩා අද සිට අඩු මිලට අළෙවි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  උපදෙස් ලබාදී තිඛෙනවා. 


ඊයේ (27)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙලෙස උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.


වෙළඳපොළේ  පොල් මිළ අධික ලෙස ඉහළයාම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක  වන ලෙසද  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබාදී තිඛෙනවා. 


ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ ලබන සඳුදා  සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදා ගනිමින් ඍජුවම පාරිභෝගිකයන් වෙත පොල් අළෙවි කිරීමටයි. 

සහල් මෙට්‍රික්  ටොන් ලක්ෂ 5 ක් ආනයනය කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.