Sunday, May 5, 2024

General line - 0115112241

යුද අපරාධ චෝදනා ගැන කරුණු කියන්න රජයේ කිසිවෙක් නෑ 




ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය සඳහා මෙරට සිදුවූ බව කියන යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ කිසිදු පාර්ශවයක් සහභාගි වී නොමැති බව රියර්  අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

 කෙසේවෙතත් එල් ටී ටී ඊ සංවිධානයට සහාය දක්වන කණ්ඩායම් 16 ක් මෙම සැසියට එක්ව සිටින බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ.


සිය පාර්ශවය රජය නියෝජනය නොකළත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.


මෙම සැසි වාරයට රජයේ පාර්ශවයෙන් කිසිවෙකු සහභාගි නොවීම පිළිබද නෙත් නිවුස් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශිකාවක් කියාසිටියේ මෙම සැසිවාරය සඳහා ශ්‍රී  ලංකා රජයට නිල කැදවීමක් කර නොමැති බවයි. 

මේ නිසා රජයේ පාර්ශවය ඊට සහභාගි නොවූ බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය ලබන 29 වනදා දක්වා පැවැත්වෙනවා.