Sunday, May 5, 2024

General line - 0115112241

විද්‍යා ඝාතකයන් සමග ලැයිස්තුව 1167යි 

නිශාන් ද සිල්වා




මරණ දඬුවම නියම වූ පුද්ගලයින් 1167 දෙනාගෙන් 826 දෙනෙකු සිය මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

මරණ දඬුවම නියමවූවන් අතර කාන්තාවන් තිස් හත් දෙනෙකුද සිටින බවයි එහි නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

මරණ දඬුවමට ලක්ව ඇති සියලූ දෙනා වැලිකඩ, මහර, දුම්බර, අනුරාධපුර සහ බදුල්ල යන බන්ධනාගාරයන්හි රඳවා සිටිනවා. 

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (27)මරණ දඬුවමට ලක් වූ හත්දෙනා වැලිකඩ, මහර සහ දුම්බර යන බන්ධනාගාරවල අද දිනයේ රඳවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.