Wednesday, May 8, 2024

General line - 0115112241

සයිටම් ගැටලූවට විසඳුමක් නොලැබුණහොත් දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක්




සයිටම් ගැටලූව විසඳුමක් නොලැබුණහොත් යළි දැනුම්දීමකින් තොරව ගැටලූව විසඳෙනතුරු අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වහාම නීතිපතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාක්ච්ඡා කරන ලෙස තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.