Wednesday, May 8, 2024

General line - 0115112241

ත්‍රෛභාෂා ජාතික පාසලේ වැඩ ඇරඹේ




පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ කෙරුණා.

ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මෙම පාසල ඉදිකෙරෙන්නේ ඉන්දීය රජයේ ආධාර යටතේයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙම පාසල ඉදිකිරීමට යෝජනා කෙරුණා.

මෙමගින් අනුරාධපුර, ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකළපුව වැනි යාබද දිස්ත්‍රික්කවල බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසලක අවශ්‍යතාව ද සම්පූර්ණ වනවා.

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම මෙන්ම ගෝලීය තරගකාරී සමාජ, ආර්ථීක ලෝකයට ගැළපෙන ජාතික සංහිඳියාව සහ සමාජ ඒකාග්‍රතාව තහවුරු වන පරිදි උසස් දැනුමකින් යුත් සිසු පරපුරක් බිහිකිරීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං ඇතුළු පිරිසක් එක්ව සිටියා.