Wednesday, May 8, 2024

General line - 0115112241

මුම්බායිහි දුම්රිය ස්ථානකයක තදබදයක්... 22 ජිවිතක්ෂයට




ඉන්දියාවේ මුම්බායිහි එල්ෆිනිස්ටන් දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් මගීන් 22නෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ තවත් මගීන් 39 දෙනෙකු පමණ තෙරපීමෙන් තුවාල ලබා ඇති බවයි.

ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් වෙත ගමන් කරන පාලමක් තුළ පුද්ගලයන් දැඩි ලෙස තෙරපීම හා බිම ඇදවැටුණු පුද්ගලයන් සෙසු අයගේ පයට පෑගීම හේතුවෙන් මෙම මරණ සිදුව තිබෙනවා.

එරට ප්‍රවාහන අමාත්‍යවරයා සහන් කර ඇත්තේ තුවාල ලැබූ සියලූ දෙනා සහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සහ ජීවිතක්ෂයට පත්වූවන් උදෙසා වන්දි ලබාදීමට පියවර ගන්නා බවයි.