Wednesday, May 8, 2024

General line - 0115112241

පාසල් ළමුන් - බස් හා ත්‍රිරෝද රථ රියදුරන් - ඉදිකිරීම් කම්කරුවන් ඉලක්ක කර බෙදූ මත්ද්‍රව්‍යක සුලමුල හෙළි වෙයි




මෙරට තුළ මහා පරිමාණයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළකරු වූ රමේෂ් නොහොත් කුරුප්පු ජයතිලක නමැත්තා වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහල් ගොඩනැගිල්ලක රැඳී සිටියදීයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ මෙම වැටලීමේදී තවත් අයකු ද අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සතුව තිබී මාවා, බාබුල්, කනපූර් කිලෝග‍්‍රෑම් 97ක් සහ  හීරපාන නමැති මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් මේවා කොළඹ අවට ප‍්‍රදේශවලට බෙදාහැර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

බස් රථ රියැදුරන්, ති‍්‍රරෝද රථ රියැදුරන් හා පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවටයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

ඇතැම් රියැදුරන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කිරීම, රිය අනතුරු වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද පොලිසිය පැවසුවා. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිරත සේවකයින් ද මේවා වැඩි වශයෙන් මිලදී ගෙන ඇති බවද ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.