Thursday, January 9, 2025

General line - 0115112241

බසයේ ගමන් ගත් මගින්ගේ දිවි බේරා අවසන් ගමන් ගිය රියදුරාගේ කතාව මෙන්න (PHOTOS)

හල්දුම්මුල්ල - සමන් පාලිත නානයක්කාර




හපුතලේ හල්දුම්මුල්ල බෙරගල ප්‍රදේශයේ පසුගිය දා සිදුවු බස් රථ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්වුණේ බස් රථයේ රියදුරු, ඩිපෝ පරික්ෂවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු බව සඳහන්.

බස් රථයේ කොන්දොස්තර දියතලාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වනවා.

අදාළ බස් රථය බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම බලා ධාවනය වෙමින් තිබිය දී අනතුරට ලක්වුණා.

ඒ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන්.

එහිදී බස් රථය ප්‍රපාතයකට පෙරලීමට ගොස් තිබෙන අතර වහාම ක්‍රියාත්මක වූ  රියදුරු කීර්ති බණ්ඩාර බස් රථය ප්‍රපාතයට ඇද වැටීම වළක්වා එය මාර්ගයේ අනෙක් පස ඇති ගල් කුලක් වෙත හරවා තිබෙනවා.

බස් රථයේ රියදුරු පෙදෙස ගල් කුලේ වැදී තමාගේ ජීවිතයට හානියක් වන බව දැන දැනම ඔහු විසින් සිදු කළ මෙම ක්‍රියාවෙන් බස් රථය අඩි 10,000 ක පමණ ප්‍රපාතයකට ඇද වැටීම වැළකී මගීන්ගේ ජීවිත ආරක්ෂා වූ බවයි බස් රථයේ සිටි මගීන් කියා සිටියේ.

------------------------------

හපුතලේ රිය අනතුරෙන් පුද්ගලයෙක් මරුට (01-10-2017 17:47)

බණ්ඩාරවෙල සිට කොස්ගම බලා ධාවනය වූ බස් රථයක් හපුතලේ විහාරගල ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන්  තුවාල ලැබු පුද්ගයෙකු තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබු තවත් 22 ක් දියතලාව, හපුතලේ සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුල් කර ඇති බවයි පොලිසිය පැවසුවෙි.

සිද්ධියෙන් මියගොස්  ඇත්තේ බණ්ඩාරවෙල පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව ද පොලිසිය සඳහන් කළා.

බණ්ඩාරවෙල සිට කොස්ගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් තිරිංග ක්‍රියා විරහිත වීමෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙනවා.

----------------------------

හපුතලේ දී බසයක් මාර්ගයෙන් ඉවතට විසිවිීමෙන් 25ට තුවාල (01-10-2017 17:47)

බණ්ඩාරවෙල සිට කොස්ගම බලා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ බස් රථය හපුතලේ විහාරගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.