මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ගාල්ල දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කරන ආකාරයටම අන්‍ය ආගමිකයන්ගේ සංස්කෘතීන් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවයි ජනාධීපතිවරයා කියා සිටියේ.