එල් ටී ටී ඊ සංවිධානය විසින් සැඟවූ බවට සැක කෙරෙන යුද උපකරණ තොගයක් මොරවැව නාමල්වත්ත ප්රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඩෙටනේටර් 21ක්, අත්බෝම්බ 04ක් සහ මිලිමීටර් 130 වර්ගයේ කාල තුවක්කු උණ්ඩ කිහිපයක් මෙහිදී සොයා ගැණුනු බවයි.
මෙම යුද උපකරණ දිරාපත්ව ඇති බවද ඔහු සඳහන් කළා. කැළෑපුලියන්කුළම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පසුව මෙහ යුද උපකරණ තොගය නිෂ්ක්රීය කර තිබෙනවා.