උතුරු පළාතේ ආරක්ෂක අංශය යටතේ පවතින පාසල් සියල්ල නිදහස් කිරිමට ආරක්ෂක අංශය කැමත්ත පලකර තිබෙනවා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් කියා සිටියේ ඉදිරි තුන්මසක කාලය තුළ එම පාසල් නිදහස් කිරිමට කටයුතු කරන බවයි.
පසුගියදා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා එහිදී ආරක්ෂක අංශ ප්‍රධානින් හමුවුණා.
එහිදී ඔවුන් සමග පැවැති සාකච්ඡාවේ මෙම තිරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.