Thursday, January 9, 2025

General line - 0115112241

සයිටම් හිතවාදියෙකු වෛද්‍ය සභාවේ මුල් පුටුවට.. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.




ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට සයිටම් හිතවාදියෙකු පත්කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී සියළු දෙනාගේ අභිමතය පරිදි වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා පත් කළ යුතු බවට තමන් ඉල්ලා සිටි බවයි.

නමුත් එම ඉල්ලීම අහක දමා නව සභාපතිවරයෙකු පත්කර ඇති බවයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.

නව සභාපතිවරයා සයිටම් ආයතනයට හිතවාදීව කටයුතු කරන අයෙකු බවද ඔහු කියා සිටියා.