අමෙරිකාවේ ලාස්වේගාස් නුවර ඊයේ (02) සිදු වූ වෙඩි තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙළා දැක තිබෙනවා.
සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙය බියගුළු නිවට ප්‍රහාරයක් බවයි.
මෙවැනි බිය ගැන්වීම්වලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ජනාධිපතිවරයා සිය ට්වීටර් සටහනෙන් දක්වා තිබෙනවා.