Thursday, January 9, 2025

General line - 0115112241

අරඹේපොළ හිමියන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් 




ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට ඊයේ (2) දින නොපැමිණි ජාතික බලමුළුව සංවිධානයේ මහලේකම්  අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.

රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණද ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්  අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් ඊයේ දිනයේ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණ ද පොලිසිය හමුවට පැමිණ ප‍්‍රකාශ ලබාදී තිබුණේ අක්මීමන දයාරතන හිමියන් පමණක් බවද පොලිසිය පවසනවා.

රතනසාර  හිමියන් නොපැමිණීමට හේතුව දැනුම් දී නොමැති බවයි පොලිසිය කියාසිටියේ.