හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් බැඳුම්කර කොමිසමේ දී අද (03) හරස් ප්‍රශ්න විමසනු ලබනවා.
එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ අද (03) පෙරවරුවේ අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසම වෙත පැමිණි බවයි.
අද (03) ඔහු මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පස් වන දිනය වනවා.
ඊයේ (02) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරායි.