Saturday, July 27, 2024

General line - 0115112241

තීන්දුව අභියෝගයට ලක් කළ ගීතාගේ පෙත්සම කැඳවයි




ද්විත්ව පුරවැසිභාවයක් හොබවන බැවින් තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයකට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) කැඳවනු ලැබුවා.

නඩුවේ සියලූ පාර්ශ්වකරුවන් ලබන 10වැනිදාට පෙර සිය ලිඛිත දේශන ගොනු කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියෝග කළේ.

පාර්ශ්වකරුවන්ගේ වාචික කරුණු දැක්වීම් මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම නඩුව විභාග කෙරෙන්නේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.