ව්‍යාජ මුදල් නෝට්ටු සමග කාන්තාවක සහ පුද්ගලයෙකු නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔවුන් අදාළ ව්‍යාජ නෝට්ටුව වෙළඳ සැළකට ලබා දුන් අවස්ථාවේදීයී.
මෙම යුවළ විසින් ලබා දී තිබුණේ රුපියල් 5000ක ව්‍යාජ නෝට්ටුවක්. එය ව්‍යාජ නෝට්ටුවක් බවට සැක සීති වෙළඳසැල් හිමිකරු නිවිතිගල පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා පැමිණි වෑන් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් කලවාන ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව රුපියල් 5000 මුදල් නෝට්ටු 18ක් සහ රුපියල් 1000 නෝට්ටු 02ක් ද තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.