ශ්‍රී ලාංකීක කොටි දේනුවක් පැටවුන් දෙදෙනෙකු ප්‍රසූත කළ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.
ඒ බනාහැම් සත්වෝද්‍යානයෙන්.
චරිෂ්කා නම් ශ්‍රී ලාංකීක කොටි දේනුව වසර ගණනාවකට පසුව මෙම පැටවුන් ප්‍රසූත කර ඇති බවයි බනාහැම් සත්වෝද්‍යානය පාලකයන් පවසන්නේ.
බනාහැම් සත්වෝද්‍යානයට නව සාමාජිකයන් හිමිවීමත් සමග එහි පාලකයන් සතුට පල කර තිබෙනවා.
මෙම කොටි පැටවුන්ගේ පියා වන මියාස් හා චරිෂ්කා අතර වසර ගණනාවක් තිස්සේ හිතවත් කමක් නොතිබු බව පවසන පාලකයන් නිරන්තරයෙන් ඔවුන් දෙදෙනා දබර වූ බවයි කියා සිටියේ.
කෙසේ වෙතත් මීට ටික කාලකට පෙර සිට මියාස් හා චරිෂ්කා අතර වෙනදා නොදුටු සමීපතාවක් තිබු බව ද බනාහැම් සත්වෝද්‍යානය පාලකයන් පැවසුවා.