හම්බන්තොට ඉකුත්දා පැවති විරෝධතාවට සමබන්ධ වූ පිරිස් වෙත අමාත්‍ය මනෝ ගනේෂන් අද (08) අභියෝගයක් එල්ල කළා.
අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් පාලන සමයේදි රටේ භූමිය පමණක් නොව රට වටා මුහුද ද විකුණා දැමූ බවයි.
දිවයිනේ කිසිඳු බිම් අඟලක් හෝ විකුණා නොමැති බව කියා සිටි අමාත්‍යවරයා රාජ්‍ය දේපළ බදු දී ඇති බව පැවසුවා.
ඒ පෙර රජය විසින් ලබාගත් ණය පියවීමට බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කල්පිටිය ප්‍රදේශය දූපත් පෙළක් විදේශ රටවලට විකුණා දැමීමට නියමිතව තිබු බවත් එම ප්‍රකාශය වැරදි නම් ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අභියෝගයක් ද කළා.
ඒකාබද්ධ විපක්ෂය ඉකුත් 06වනදා හම්බන්තොට සංවිධාන කර තිබු විරෝධතාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ, විරෝධතාවයේ ඇති වූ සිද්ධින් හා පොලිසිය පහරදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කැඳවීමටයි පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ.
ඉකුත්දා පැවති මෙම විරෝධතාවට එක් වූ 28 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර එහිදි පොලිස් නිලධාරියෙකුගේ පහර කැමට ලක් වූ තරුණයා රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා.