ක්‍රිකට් තරග පාවාදිම් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් ඔහු විමසා ඇත්තේ කළුතර - පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිද යන්නයි.
එය සංවිධානාත්මක අපරාධයක් බවත් එහි මූලික අරමුණ වූයේ වරාය අධිකාරී කණ්ඩායමට “ඒ “කාණ්ඩයට යාම වැළැක්වීම බවද එහි සඳහන්.
මෙවැනි තත්ත්වයක් තුළ අදාළ ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු දඬුවමක් ලබා නොදිම පුදුමය දනවන කරුණක් බවයි අමාත්‍ය අර්ජුණ රණතුංග පවසන්නේ.
තරග පාවාදීමේ සියලූ වැරදි ක්‍රීඩකයින් වෙත පටවා ඉහළ නිලධාරීන් බේරිමේ සූක්ෂම සැළැස්මක් ද මේ වනවිට ක්‍රියාත්මකයි.
එබැවින් ක්‍රීඩාවේ නාමයෙන් නිවැරදි තීන්දුව ගන්නා ලෙසටයි අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.