සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටලූව විසඳීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව සයිටම් ආයතනයට පක්ෂ සිසුන්ගේ දෙමව්පියන් හා සයිටම් ආයතනයට විරෝධය පළ කරන සිසුන්ගේ දෙමව්පියන් අද (08) අවධාරණය කළා.
ඒ, කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ, එහිදි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය පිඨ ශීෂ්‍ය දෙමව්පිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ ඉදිරි මාසය රජයටත් බරපතල පණිවුඩයක් ලබාදෙන මසක් වනු ඇති බවයි.
විසඳුම් යෝජවාවක් ඉදිරිපත් කර දැනට මාස 2ක කාලයක් ගතවූවත් ඊට නිසි පියවරක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවට සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න ද එක්ව සිටියා.
තමන් තවත් වෘත්තීය සමිතියක නායකයෙකු බව ඔහු මෙහිදී ආණ්ඩුවට මතක් කර දුන්නා.
මෙම ප්රශ්නය ඉදිරියට රැගෙන නොයා කඩිනම් විසඳුමක් රජය විසින් ලබාදිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.