නිවාස 24කින් සමන්විත කෝට්ටේ අංගම්පිටිය නව නිවාස සංකීර්ණය විවෘත කර වසර දෙකකටත් අඩු කාලයකදී ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇති බව ජනතාව පවසනවා.
මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවකගේ යෝජනාවක් අනුවයි.
නිවැසියන් පෙන්වා දෙන්නේ පවතින අවධානම් තත්ත්වය හේතුවෙන් නිවාසවලින් ඉවත් වීමට බලධාරින් දැනුම් දුන්නද තමන්ට මෙම අවස්ථාවේ නිවාසවලින් ඉවත් වීමට හැකියාවක් නැති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බවයි. නිවාස සංකිර්ණය ඉදිකිරිම සදහා වැය වී ඇතිි මුදල රුපියල් ලක්ෂ 480ක්.
කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ මෙම අඩුපාඩු නගර සභාවට දැනුවත් කර ඇති බවයි.
නමුත් බලධාරින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවු බවයි ඔහු සඳහන් කළේ.