නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මෙම මස 10වන අඟහරුවාදා හම්බන්තොට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, හම්බන්තොට ඉකුත්දා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහායි.
මේ අතර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පලාත් සභා මන්ත්‍රි සම්පත් අතුකෝරාල සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න යන අයටද ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (09) උදෑසන 10ට හම්බන්තොට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර, කලහකාරී ලෙස හැසිරුණු පිරිස් සොයා හම්බන්තොට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.