Friday, January 10, 2025

General line - 0115112241

තාම කවුරුත් පැමිණිළි කරලා නෑ




හම්බන්තොට විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකු, පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා තම කොමිසමේ සාමාජිකයන් එම ප‍්‍රදේශයට යන බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසනවා.

විශේෂ කණ්ඩායමක් ද ඒ සඳහා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව, ඔවුන් හම්බන්තොට ප‍්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ඇති.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශන ඊයේ (08) සිට ආරම්භ කර තිබෙනවා. 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි කොමිසමේ මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ සාලිය පීරිස් පැවසුවේ.

පැමිණිල්ලක් ඉදිරිපත් නොවුණ ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ ඊට අදාළ දර්ශන පරීක්ෂණයකට ප‍්‍රමාණවත් බවයි ඔහු කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද ඉකුත් සෙනසුරාදා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියා.