Friday, January 10, 2025

General line - 0115112241

අද උත්තරයක් නොලැබුණොත් හෙට වර්ජනයක්




කරුණු කිහිපයක් මුල්කර ගනිමින් යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව පිළිබඳ මතුව ඇති ගැටළුව සහ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ඊට ප‍්‍රධාන හේතුවයි. අද (09) දිනයේ දී මෙම ගැටළුවට නිසි විසඳුමක් නොලැබුණහොත් හෙට (10) දිනයේ වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ.

එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ වෛද්‍ය පත්වීම් ලැයිස්තුවේ ගැටළුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි. 

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුවේ ගැටළුව හේතුවෙන් ඉදිරියේ දී අර්බුද රැසක් මතුවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

කෙසේ වෙතත් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස සඳහන් කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට එම සංගමයට කාලය ලබා දුන්නද කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ බවයි.

 ඒ අනුව, පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය ක‍්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.