ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී ඇති බැවින් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා.
එම කේන්ද්‍රය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වූ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළේ තවදුරටත් ඊට කල් මැරීම සුදුසු නොවන බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකු වන රුසිරුපාල තෙන්නකොන් ද සහභාගී වී සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ "ප්‍රශ්නගත බැඳුම්කර අවස්ථා දෙකේදීම කිසියම් පූර්ව සැළැස්මකට අනුව යොදා ගත් වැඩපිළිවෙලක් මත සම්බන්ධ වෙච්ච පිරිසක් මගින් සැළසුම්සහගතව මේ ගනුදෙනු සිදුකර ඇති බව අනාවරණය වෙලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවේදී පෞද්ගලිකවම මැදිහත් වෙලා නිලධාරීන්ට බලපෑම් කරලා ඇති බවට දැන් සාක්ෂි හෙළිදරව් වෙලා තියෙනවා." යනුවෙනි.
බැඳුම්කර කොමිසම විසින් අනාවරණය කර ගනු ලබන පුද්ගලයින් පිළිබඳ අපරාධ පරීක්ෂණයක් ඇරඹිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.