ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 69 බර පංතිය යටතේ බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ශී‍්‍ර ලංකාවේ ඉන්දික දිසානායකට එම ඉසව්වෙන් රිදී පදක්කම හිමිව තිබෙනවා.
ඒ, රිදී පදක්කම දිනාගත් මැලේසියානු කී‍්‍රඩකයා තහනම් උත්තේජක භාවිත කළ බව හෙළිවීමත් සමගයි. තමන්ට රිදී පදක්කමක් හිමිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් ඉන්දික දිසානායක පැවසුවේ.