Sunday, September 8, 2024

General line - 0115112241

සයිමට් පිළිබඳ රජයේ තීන්දුව ගැන 'කාලෝ' ගේ මතය

නිශාන් ද සිල්වා




සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදුන් තීන්දුව පිළිබඳ තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.

ආණ්ඩුව පවසන පරිදි සයිටම් ආයතනය මුළුමනින් අහෝසි කරන්නේ නම්, එය ඒ වෙනුවෙන් සටන් කළ සිසුන් ලැබූ ජයග‍්‍රහණයක් බවයි මහාචාර්යවරයා කියා සිටියේ.  

මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ ස්ථාවරය පිළිගත නොහැකි බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි කියා සිටියේ සයිටම් ආයතනයට එරෙහි සිය විරෝධතා අඛණ්ඩව සිදු කරගෙන යන බවයි. 

අන්තර් සමාගම් සේවක සංගමය විසින් සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද ප‍්‍රදේශ 03කදී විරෝධතා පැවැත්වීමට නියමිතයි. බියගම, වත්තල හා වෙන්නප්පුව යන ප‍්‍රදේශවලදී එම විරෝධතා පැවැත්වෙන බවයි ඔවුන් කියා සිටියේ.