Saturday, July 27, 2024

General line - 0115112241

අපි පිළිපැදිය යුතු කරුණුවල ප්‍රගතිය බලන්න විදෙස් නියෝජිතයින් එයි

නවෝද්‍යා ගමගේ




යුරෝපා පාර්ලිමේන්තුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (31) දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

ඒ, බි‍්‍රතාන්‍ය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන ජින් ලැම්බට්ගේ ප‍්‍රධානත්වයෙන්. රිචඞ් කෝබට්, උල්රිකේ මුලර් සහ වජිඞ් ඛාන් යන නියෝජිතයන්ද එම කණ්ඩායමට ඇතුළත්. 

ඔවුන් දිවයිනට පැමිණෙන්නේ යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ජී. එස්. පී. ප්ලස් තීරු බදු සහනයට අදාළව මෙරට පිළිපැදිය යුතු ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාතික සංහිඳියා වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.

මෙම නියෝජිත කණ්ඩායම ලබන 3වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති. ඔවුන් හෙට (01) උතුරේ සංචාරයක නිරත වීමට ද නියමිතයි.