Saturday, May 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද

කසුන් කැලුම්




ඩයලොග් වාර්ෂික ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය කොළඹදී අද (31) පැවැත්වෙනවා.

ගතවූ වසරේදී දේශිය හා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේදී දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක් වනවා.

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම  ජීවිත කාලයේදී පුද්ගලයෙකුට එක් වරක් පමණක් හිමිවන සම්මානය ද මෙහිදි පිරිනමනු ඇති.

ඊට අමතරව, වයස අවුරුදු 23න් පහළ ඛාණ්ඩයේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයින්ට ද මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරෙනවා.